brand logo
logo

මල් වට්ටියක් ලක්ෂ හතරකට අලෙවි වෙයි

10 October 2022

පන්සලේ තිබුන මල් වට්ටි වෙන්දේසිය

මාතලේ - ලේනදො - කිරලැස්ස ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය ආධාර පිණිස පැවැත්වු කුසුම් බදුන් වෙන්දේසියේ දී මල් වට්ටිය රුපියල් හාරලක්ෂ පන් දහසකට අලවි වූ බැවි සංවිධායක මණ්ඩලය කියයි. ඊයේ (09) රාත්‍රියේ පැවැති කුසුම් බදුන් වෙන්දේසියේ දී ප්‍රදේශවාසින් එක්ව මල් වට්ටිය මිලදි ගෙන තිබේ. ප්‍රදේශ වාසින් විසින් සංවිධාන කර තිබු මෙම පිංකම් මාලාව අතරතුර පැවිති දැඩි වර්ෂා තත්ත්වය ද නොතකා විශාල පිරිසක් කුසුම් බදුන් වෙන්දේසිය සදහා එක්ව සිටි අතර මනහර නාට්‍ය සංදර්ශන මාලාවක් ද විහාරස්ථානයේ පැවතිය. කුසුම් බදුන් වෙන්දේසිය ප්‍රවින කවිවර හා විරිදු ගායන ශිල්පි වයි.එම්.එස්. බණ්ඩාර විසින් මෙහෙයවන ලදි.
 

More News..