brand logo

About Us

අරුණ අපේ විශාලතම වත්කම විශ්වාසයයි.

2018 දී සතිපතා පුවත්පතක් ලෙස ආරම්භ වූ අරුණ පුවත්පත 2019 දී දිනපතා පුවත්පතක් බවට පත් වූ අතර අරුණ වෙබ් අඩවියද ඊට සමගාමීව ආරම්භ වී ක්‍රමයෙන් වර්ධනය විය. අරුණ හි විශ්වසනීය හා සමබර ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම පසුගිය වසර ගණනාව පුරා දෙස් විදෙස් බුද්ධිමත් පාඨකයින්ගේ බරපතල අවධානයට සහ ගෞරවයට පාත්‍රව ඇත.

පුහුණු, ප්‍රවීන මාණ්ඩලික වාර්තාකරුවන් සමූහයකින් මෙන්ම දිවයින පුරා විසිරී සිටින නිදහස් වාර්තා කරුවන් හා ඡායාරූප ශිල්පීන් සමූහයකගේ පුලුල් ජාලයකින් සමන්විත අරුණ මාධ්‍ය කණ්ඩායමේ ප්‍රබල වාර්තා කරණය අගනුවර හා තදාසන්න ප්‍රදේශවල මෙන්ම ඈත ගම් දනවු සිසාරා ද ප්‍රචලිතව ඇත. සයිබර් අවකාශයේ විශ්වසනීය මෙන්ම නිර්මාණාත්මක පුවත් සපයන්නා ලෙස ජන ප්‍රසාදයට පත් ව ඇති අරුණ වෙබ් අඩවිය, ඊ පුවත්පත ඇතුළු අරුණ හි ඩිජිටල් අනුවාදන දිනෙන් දින පාඨක අවධානය වර්ධනය කරගනිමින් ඉදිරියට ගමන් කරයි.

දිනපතා අරුණ, සතිඅග අරුණ හැරුණු විට, සීමාසහිත ලිබර්ටි පෞද්ගලික සමාගම , ද මොර්නිං (ඉග්‍රීසි මාධ්‍ය) දිනපතා හා සති අග පුවත්පත් ද දරණි නම් කාන්තා පුවත්පතද, අකුර නම් අධ්‍යාපනික පුවත් පත් සමූහයද, තරුව නම් ජොතෂ්‍ය පුවත්පතක්ද ප්‍රකාශයට පත් කරයි

අරුණ පුවත් පිටුවලට දැන් ඔබේ ඇගිළි තුඩේ දුර!