brand logo

ගෙදර ඉන්න දරුවන් අලුත් වැඩකට පෙලඹිලා

09 September 2021

දරුවන්ගේ අනාගතේ අනතුරක

පාසල් අධ්‍යාපනයෙන් ඈත් වූ එ​සේම ජංගම දුරකථන භාවිතය හේතුවෙන් විවිධ මානසික ගැටලුවලට ලක්වූ දරුවන් සියයට 10ක් පමණ සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ අයේෂා ලොකු බාලසූරිය සඳහන් කරයි. සූම් තාක්ෂණය ඔස්සේ දෙමාපියන් සහ ගුරුවරුන් සමග පැවැති සාකච්ඡාවලදී මෙම කරුණු අනාවරණය වූ බවත් ඇතැම් දරුවන් දවසේ වැඩි කාලයක් ජංගම දුරකථනයේ රැඳී සිටින බවත් ඇතැම් දරුවන් මුදලට සෙල්ලම් කිරීම්වලට පෙලඹී ඇති බවත් හෙළි විනැයි ඇය පැවසුවාය.

ඇතැම් දරුවන් දෙමාපියන්ගේ ක්‍රෙඩිට් කාඩ් පත භාවිත කරමින් මෙම ගෙවීම් සිදුකරන බවට ද තොරතුරු අනාවරණය වී ඇති බවත් දරුවන් පාසල් අධ්‍යාපනයට හැකි ඉක්මනින් යොමු නොකළහොත් ඉතා අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දීමට අපට සිදුවන ඇති බවත් ඇය පෙන්වා දේ.

Boy playing mobile game on smartphone on sofa. Preschooler playing mobile  phone. Kid using phone for gaming. Child playing video game at home Stock  Video Footage - Storyblocks දරුවන් මෙම තත්ත්වයෙන් මුදාගෙන නැවත අධ්‍යාපනයට යොමුකර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිටත් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයිද ඒ සඳහා වන නිර්දේශයන් මොනවද යන්න පිළිබඳ මේ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සකස් කරමින් පවතින බව ද ඇය ප්‍රකාශ කළාය. මෙම වැඩසටහන සූම් තාක්ෂණය ඔස්සේ ළමයින් වෙත සමීපකර ඔවුන්ගේ ගැටලු හඳුනාගෙන ඒ සඳහා විසඳුම් ලබාදීමටත් එමගින් දරුවන්ව නැවත අධ්‍යාපනයට යොමුකරවා ගැනීමටත් කටයුතු කරන බව වෛද්‍ය බාලසූරිය අවධාරණය කළාය. පාසල් ආරම්භ කළ පසු මෙම වැඩසටහන ගුරුවරුන් මාර්ගයෙන් දරුවන් වෙත ගෙන යෑමට ද කටයුතු කරන බව ඇය පවසා සිටියි. ශ්‍රියානි විජේසේන
 

More News..