T20 පන්දු යැවීම් අංශයෙන් වනිඳු තෙවන ස්ථානයට
21 July 2021
T20 පන්දු යැවීම් අංශයෙන් වනිඳු තෙවන ස්ථානයට
21 July 2021
ඒ 20යි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අංශයෙනි.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද නිකුත් කළ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංග පන්දු යැවීම් අංශයෙන් තවත් ඉදිරියට පැමිණ තිබේ.
ඒ අනුව වනිඳු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පන්දුවාර විස්ස තරග අංශයේ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අංශයෙන් තෙවන ස්ථානයට පැමිණ ඇත.
එමෙන්ම ඔහු නවතම එක්දින ශ්‍රේණිග කිරීම් වලට අනුව ස්ථාන 22කින් ඉදිරියට පැමිණ තිබේ.
මෙතෙක් 58 වැනි ස්ථානයේ රැදී සිටි වනිඳු හසරංග මේ වන විට එක්දින පන්දු යැවීමේ අංශයෙන් 36 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

