brand logo
logo
 ඉන්දියාවේ දී නිරෝධායනය කළ කාන්තාවට ඉබෝලා වැළඳී නැති බව තහවුරු වෙයි

ඉන්දියාවේ දී නිරෝධායනය කළ කාන්තාවට ඉබෝලා වැළඳී නැති බව තහවුරු වෙයි

27 May 2026


ඉබෝලා වෛරසය ආසාධනය වී ඇති බවට සැක කරමින් නිරෝධායනයට යොමු කළ උගන්ඩා ජාතික කාන්තාවකට එම වෛරසය ආසාදනය වී නොමැති බව ඉන්දීය සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.


වෛරසය වැළඳී ඇතැයි යන සැකය මත ඇයව බැංගලෝර්හි තාක්ෂණික මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් කර තිබූ නමුත් මේ වන තෙක් ඇයට ඉන් පිටතට යාමට අවසර ලබා දී නොමැති බව ද සඳහන් වේ.


එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත්තේ "බැංගලෝර් සිදුවීමට අදාළ පරීක්ෂණ වාර්තාවලින් ඇයට ඉබෝලා වෛරස් රෝගය වැළඳී නොමැති බව තහවුරු වී ඇත'' ලෙසය.


කෙසේවෙතත් යම් හෙයකින් මෙම ආසාදනය ස්ථිර වූයේ නම්, එය 2014න් පසු මෙම දකුණු ආසියාතික රටකින් වාර්තා වූ පළමු ඉබෝලා ආසාදිතයා වීමට ද ඉඩ තිබුණි.

 

More News..