brand logo
logo
 වැඩි මිලට වතුර බෝතල් සහ කල් ඉකුත් වූ සිසිල් බීම විකිණූ වෙළෙඳසැලකට රු. ලක්ෂ 2කට වැඩි දඩයක්‍

වැඩි මිලට වතුර බෝතල් සහ කල් ඉකුත් වූ සිසිල් බීම විකිණූ වෙළෙඳසැලකට රු. ලක්ෂ 2කට වැඩි දඩයක්‍

15 October 2026

ඇල්ල, දුම්රිය ස්ථානය අසල පිහිටි පෞද්ගලික වෙළෙඳසැලක් නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම සහ කල් ඉකුත් වූ සිසිල් බීම අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් රුපියල් දෙලක්ෂ හැටදහසක දඩ මුදලක් නියම කර තිබේ.


පසුගිය දිනක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර තිබේ.

එහිදී අදාළ ආයතනය විසින් නියමිත උපරිම සිල්ලර මිල රුපියල් 120ක් වන ලීටර් 1 ප්‍රමාණයේ පානීය ජල බෝතලයක් රුපියල් 200 බැගින් රුපියල් 80ක වැඩි මුදලකට අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත.

එලෙසම නියමිත කාලය ඉක්මවා තිබූ මිලිලීටර් 400 සිසිල් බීම බෝතල් 06ක් අනෙකුත් භාණ්ඩ සමඟ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර ඇත.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලදී.

එම නඩුවකට අදාළව, විත්තිකරු වරද පිළිගැනීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම තීන්දුව ලබාදී ඇත.

 

More News..