ජපාන යුද නැවක කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට
06 March 2026
ජපාන යුද නැවක කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට
06 March 2026
කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන්වූ බටහිර මුහුදේ යාත්‍රාකරමින් තිබූ ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකායට අයත් “JMSDF ONAMI” නෞකාවේ, වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍යව සිටි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු ගොඩබිමට රැගෙනවිත් තිබේ.
ඒ, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙනි.
ඔහුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බව නාවික හමුදාව සඳහන් කරයි.
ඒ අනුව, හදිසියේ ඇතිවු රෝගී තත්වයක් හේතුවෙන් නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වෙත හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබුණි.
ඊට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, එම රෝගියා ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒම සඳහා, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා යාත්‍රාවක් වෛද්‍ය කාර්යය මණ්ඩලයක් සමඟ එම මුහුදු ප්‍රදේශය වෙත කඩිනමින් යොමු කෙරිණි.
ඒ අනුව, එම රෝගියා නාවික හමුදා යාත්‍රාව වෙත ලබාගැනීමෙන් පසු, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් කඩිනමින් කොළඹ වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙලෙස කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බව නාවික හමුදාව සඳහන් කරයි.

