විමල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
21 September 2026
විමල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
21 September 2026
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
විත්තිකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාගේ වාහනය ඇති වූ දෝෂයක් හේතුවෙන් ඔහුට නිසි වෙලාවට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බව පැවසීය.
ඒ අනුව ඔහුට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේවෙතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සඳහන් කළේ මෙම ඉල්ලීම හෙට (22) දින මෝසමක් මාර්ගයෙන් සිදුකිරීමට පියවර ගන්නා ලෙසය.

