brand logo
logo
චීන ජනපතිගේ ඉන්දීය සංචාරය ගැන ඉඟියක්

චීන ජනපතිගේ ඉන්දීය සංචාරය ගැන ඉඟියක්

10 September 2026


චීන ජනාධිපති ෂී ජින්පින්ගේ නවදිල්ලි සංචාරය මෙම සතිය තුළ සිදුවීමට නියමිත බව විදේශීය මාධ්‍ය වාර්තා කර සිටියි.


වසර හතකට පසුව සිදුවන චීන නායකයාගේ මෙම ඉන්දීය සංචාරය හරහා දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාස කෙරේ. ජනාධිපතිවරයා සමඟ චීනයේ ඉහළ පෙළේ දේශපාලන සහ ව්‍යාපාරික නියෝජිත පිරිසක් ද මෙම සංචාරයට එක්වීමට නියමිතය.


වාර්ෂිකව පැවැත්වෙන BRICS රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපතිවරයා මෙලෙස නවදිල්ලිය වෙත පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. 

කෙසේවෙතත්, දෙරටේ ඉදිරි රාජ්‍යතාන්ත්‍රික ගමන්මග කෙරෙහි දැඩි ලෙස බලපාන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපතිවරයා අතර විශේෂ ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වෙන්නේද යන්න පිළිබඳව මෙතෙක් නිල තොරතුරක් වාර්තා වී නොමැත.


පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිදුකළ චීන සංචාරයෙන් අනතුරුව මෙන්ම අමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින සබඳතාවල අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ, චීනය සහ ඉන්දියාව අතර සබඳතාවල යම් සුබවාදී ප්‍රගතියක් මෑතකදී දක්නට ලැබිණි.

 

More News..