කඩදාසි කම්හලක ගබඩාවක ගින්නක්
30 August 2026
කඩදාසි කම්හලක ගබඩාවක ගින්නක්
30 August 2026
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ අබලි ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගබඩාවක හදිසි ගින්නක් හටගෙන තිබේ.
අද (30) සවස 3:20ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.
ගින්න පැතිරීයාම වැළැක්වීම සඳහා කඩදාසි කම්හලේ ගිනි නිවන ඒකකය, යුද හමුදාව, පොලීසිය, ඇඹිලිපිටිය නගර සභාව සහ සෙවණගල සීනි කම්හලේ ගිනි නිවන ඒකකය ඒකාබද්ධව ක්‍රියාත්මක වී දැඩි පරිශ්‍රමයක් යොදා මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට සමත්ව ඇත
කඩදාසි කම්හල වෙත ගෙන්වන ලද අබලි ද්‍රව්‍ය ගබඩා කර තිබූ ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
අදාළ බලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරමින් පවතී.

