brand logo
logo
 ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,838ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,838ක් දක්වා ඉහළට

28 July 2026


වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 83,000ට ළංවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.


ඒ අනුව ඊයේ (27) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් රෝගීන් 82,838ක් වාර්තා වී ඇති බවද එම ඒකකය සඳහන් කළේය.


ජූලි මාසය තුළ මේ දක්වා ඩෙංගු රෝගීන් 27,464ක් වාර්තා වී ඇත.


මේ වනවිට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එය ප්‍රතිශතයක් ලෙස 21.25%කි.


මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 16,457ක් සහ මහනුවරින් රෝගීන් 5,685ක් වාර්තා වී තිබේ.


අද වනවිට ඩෙංගු මරණ 61ක් වාර්තා වී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 0.07%කි. 


 

More News..