brand logo
logo
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් සති කිහිපයකින් අවසන්

ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් සති කිහිපයකින් අවසන්

28 March 2026

ඉරානයට එරෙහි සිය හමුදා මෙහෙයුම් සති කිහිපයක් ඇතුළත අවසන් වනු ඇතැයි අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසයි.


ඔහු පවසන්නේ ඉරානයට එරෙහිව ගොඩබිම් ආක්‍රමණයක් සිදුනොකර සියලු අරමුණු සපුරාගත හැකි බවය.


ප්‍රංශයේ 'G7' නියෝජිත හමුවට සහභාගිවී සිටින අතරවාරයේ මාර්කෝ රුබියෝ මෙම කරුණු අනාවරණය කළේය.


එහිදී රුබියෝ වැඩිදුරටත් පවසා සිටියේ, ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම මාස ගණනක් නොව සති කිහිපයක් ඇතුළත සුදුසු පරිදි අවසන් කිරීමට අපේක්ෂා කරන බවය.


මේ අතර යුද්ධය අවසන්වීමෙන් පසුවද ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය සඳහා නාවික ගාස්තු පැනවීමට ඇති හැකියවන් ගැන G7 නියෝජිතයෝ ඔහු සමග සාකච්ඡා කර තිබේ.


එහිදී පවසා ඇත්තේ හෝමූස් හරහා වෙළෙඳ ප්‍රතිලාභ ලබන යුරෝපීය සහ ආසියානු රටවලට නිදහස් ගමන් මාර්ගයක් සුරක්ෂිත කරගැනීමට නම්, අමෙරිකානු උත්සාහයන්ට සහයෝගය ලබාදිය යුතු බවය.


 

More News..