brand logo
logo
කළු ගඟේ අනවසර මැණික් ගැරීම් සහ වැලි ගොඩදැමීම් කළ පුද්ගලයින් 25ක් අත්අඩංගුවට

කළු ගඟේ අනවසර මැණික් ගැරීම් සහ වැලි ගොඩදැමීම් කළ පුද්ගලයින් 25ක් අත්අඩංගුවට

28 July 2026

හොරණ වගවත්ත කොබවකවත්ත ප්‍රදේශයේ කළු ගඟ ආශ්‍රිතව සිදුකරගෙන ගිය අනවසර මැණික් ගැරීම් හා වැලි ගොඩදැමීම් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වටලා තිබේ.


එහිදී මෙම ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද කටයුතු කර ඇත.


වැටලීමේදී අනවසර කටයුතු සඳහා යොදා ගත් බෝට්ටු 14ක් සහ මැණික් ගැරීම සඳහා භාවිත කළ යන්ත්‍රෝපකරණ ඇතුළු උපකරණ රැසක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.


පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30-40ත් අතර පසුවන හොරණ සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.


පොලිස්පතිවරයාට ලද තොරතුරක් මත වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත මෙම විශේෂ වැටලීම සිදුකර තිබේ.


 

More News..