දිවුලපිටිය කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
15 November 2026
දිවුලපිටිය කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
15 November 2026
දිවුලපිටිය, වෑවගෙදර ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 4ක් යොමු කිරීමටද ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අනුව ගම්පහ ගිනි නිවීමේ ඒකකයෙන් ගිනි නිවීමේ රථ 3ක් සහ මීගමුව ගිනි නිවීමේ ඒකකයෙන් එක් ගිනිනිවීමේ රථයක්ද ගින්න මැඩපැවැත්වීම සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.
ගින්න හට ගැනීමට මෙතෙක් හේතුව අනාවරණය වී නොමැති මේ වන විට ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට පියවර ගනිමින් සිටින බවද සඳහන් වේ.


