22 ලිපියට නිහඬ වූ ජනපති ‘චීවර’ ලිපියට කඩිනම් වුණා -මහාචාර්ය පාතේගම ඥානිස්සර හිමි
12 October 2026 | නිර්මාණි තිලකසිරි
22 ලිපියට නිහඬ වූ ජනපති ‘චීවර’ ලිපියට කඩිනම් වුණා -මහාචාර්ය පාතේගම ඥානිස්සර හිමි
12 October 2026 | නිර්මාණි තිලකසිරි
මහානායක හිමිවරුන් විසින් 22 වන සංශෝධනයට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට ප්‍රතිචාර නොදැක්වූ ජනාධිපතිවරයා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් විසින් කනස්සල්ල පළ කර යොමු කර ලිපියට ඉතා ඉක්මනින් ප්‍රතිචාර දැක්වූයේ මේ වන විට සමාජය තුළ එයට පවතින විරෝධය යටපත් කිරීමට බව පෙනී යනවා යැයි ශ්‍රී ලංකා භික්ෂු විද්‍යාලයේ මහාචාර්ය පාතේගම ඥානිස්සර හිමියෝ පැවැසූහ.
මේ සම්බන්ධයෙන් උන්වහන්සේ මෙසේද පැවැසුහ.
මේ හාමුදුරුවෝ උපවැදි කරලා අධිකරණයට ගෙනාපු එක බරපතළ වරදක්, එයින් පුදුමයට පත්වුණා කියලා මහානායක හිමිවරු ජනාධිපතිවරයාට ලිපියක් යැවුවාම ඒ ලිපිය හරි ඉක්මනින් හමුවුණා. නමුත් 22 වන සංශෝධනය පිළිබඳව මහානායක හාමුදුරුවෝ යවපු ලිපිය ලැබුණේ නෑ. රටේ මෙච්චර ප්‍රසිද්ධ වෙද්දි මේ උපාසක මහත්මයට කෝල් එකක්වත් දීලා මහා නායක හාමුදුරුවන්ගෙන් ඒ ගැන අහන්න බැරි වුණා. ඒ බොරුවක්ය කළේ කියන එක රටටම දැන් පැහැදිලියි.
හැමවෙලාවටම කැමරා අරගෙන මහානායක හිමිවරුන් හම්බෙන්න යන මේ උපාසක මහත්තයා මහා නායක හාමුදුරුවන්ට එන්න කියලා කියනවා එයා හම්බෙන්න. මහා නින්දා සහගත විදිහේ වැඩක් මේ කළේ. රටක ජනාධිපතිවරයෙක් මේ වගේ ප්‍රශ්නයක් උද්ගත වෙනකොට කටයුතු කරපු විදිහ ගැන විමතියක් තියෙනවා. පළවෙනි දේ මේ ගැටලුව බැලන්ස් කරන්න තමයි මේ දේ කළේ. මහානායක ස්වාමීන් වහන්සේලා සාකච්ඡාවට කියලා ගෙන්නගෙන හාමුදුරුවන්ට වචනයක්වත් කතා කරන්න නොදී, එක වචනයක් හරි දෙකක් හරි බලහත්කාරයෙන් කතා කළේ කෝන්ගස්දෙනියේ ආනන්ද හාමුදුරුවෝ විතරයි. අනෙක් හාමුදුරුවරු උඩ බලාගෙන ඉඳලා තියෙනවා. එහෙම කරලා ජනාධිපතිවරයාගේ මාධ්‍ය සාකච්ඡාවේ මාධ්‍ය ප්‍රකාශය විතරක් මාධ්‍යයට දෙනවා. බෞද්ධ භික්ෂූන් වහන්සේලා එක්ක මොකක්ද මේ සටනක් කරන්නේ? පහුගිය කාලය පුරාම තිබුණ ප්‍රශ්නයක් ඒක. එක කොටසකට විතරක් නීතියක් විදිහට බලපාන නීති ක්‍රියාත්මකයක් හදාගෙන තව කොටසකට කිසිම නීතියක් රීතියක් නැති විදිහට රට හදාගෙන මෙම ගමන යන්න බෑ. ඒ නිසා ඔය ඇත්තො සියලුම දෙනාගෙන් කරුණාවෙන් සිදුකර ඉල්ලීම සියලු දෙනා එකතුවෙන්න. සෑම පන්සලකම සතියකට වතාවක් ඝණ්ඨාරය නාද කරන්න. ගමේ ශෝකය ප්‍රකාශ කරන්න.

