යුද හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් 2086 දෙනෙකුට උසස්වීම්
10 October 2026
යුද හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් 2086 දෙනෙකුට උසස්වීම්
10 October 2026
ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් හා නිලධාරිනියන් 2086 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ.
ඒ, 77 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීවය.
අදාළ උසස්වීමේ අද (10) සිට බලාත්මක වන බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කළේය.
ඒ අනුව බළලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 234 දෙනෙකු බළලත් නිලධාරි I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 215 දෙනෙකු බළලත් නිලධාරි II නිලයටත්, සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 312 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 398 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 559 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 368 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස්වීම් ලබා ඇත.

