brand logo
logo
මහ බැංකුව අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 579ක් මිලදී ගනී

මහ බැංකුව අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 579ක් මිලදී ගනී

06 September 2026

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අගෝස්තු මාසය තුළදී දේශීය වෙළෙඳපොලෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 579ක් මිලදී ගෙන ඇත.


මහ බැංකු ආර්ථික දර්ශකය පෙන්වා දෙන්නේ මෙරට විදේශ විනිමය සංචිත තත්ත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙමගින් සිදුවන බවයි.


මේ අතර ජූලි මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.6ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

2026 අප්‍රේල් අවසන් වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 30.53කි.


මෙයින් දේශීය ණය රුපියල් ට්‍රිලියන 18.85ක් වන අතර, විදේශීය ණය රුපියල් ට්‍රිලියන 11.68ක් වේ.

 

More News..