පැසිපන්දු ආසියානු කුසලාන පූර්ව සුදුසුකම් ලැබීමේ වටය හෙට සිට කසකස්තානයේදී
25 August 2026
පැසිපන්දු ආසියානු කුසලාන පූර්ව සුදුසුකම් ලැබීමේ වටය හෙට සිට කසකස්තානයේදී
25 August 2026
ආසියානු පැසිපන්දු කුසලාන 2029 තරගාවලිය සඳහා වන පූර්ව සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 'බී' කාණ්ඩයේ තරග හෙට (26 වැනිදා) සිට කසකස්තානයේ අල්මාටිහිදී ආරම්භ වීමට නියමිතය.
කණ්ඩායම් 18ක් තරග වදින මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව 'බී' කාණ්ඩය යටතේ තරග වදින අතර ඔවුන් සමග සත්කාරක කසකස්තානය, පලස්තීනය, මාලදිවයින සහ කිර්ගිස්තානය එම කාණ්ඩයේ තරග වදිති. ශ්‍රී ලංකාව තරග වදින ප්‍රථම තරගය මාලදිවයින සමග හෙට පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව සහ පලස්තීනය අනිද්දා (27 වැනිදා)ත් පැවැත්වෙද්දීත්, 28 වැනිදා ශ්‍රී ලංකාව කිර්ගිස්තානය සමගත්, 31 වැනිදා සත්කාරක කසකස්තානය සමගත් තරග වැදීමට නියමිතව තිබේ. තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 12 දෙනකුගෙන් සමන්විත සංචිතයක් සහභාගි වන අතර, එහි ප්‍රධාන පුහුණුකරු ලෙස ඩී.ආර්.ආර්. සූරියආරච්චි ද, සහය පුහුණුකරු ලෙස එන්.එන්. ස්ටැන්ලි ද, කණ්ඩායම් කළමනාකරු ලෙස එල්.එම්. රාජපක්ෂ ද, කණ්ඩායම් වෛද්‍යවරයා වශයෙන් වෛද්‍ය කේ.එම්.සී.එල්.බී. සෙනරත්න එක්වද්දී මාධ්‍ය මෙහෙයුම් කළමනාකරු ලෙස ඒ.ඩී.ආර්. ඔකර්ස් එක්ව සිටිති.
මෙම තරගාවලියේ 'ඒ' කාණ්ඩයේ තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදීත්, 'සී' කාණ්ඩයේ තරග මැලේසියාවේ සරෙම්බන්හිදීත්, 'ඩී' කාණ්ඩයේ තරග මොන්ගෝලියාවේ උලාන්බාතර්හිදීත් පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වේ.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය
කේ.ඩී.එන්. මෙන්ඩිස්, එම්.එන්. ප්‍රනාන්දු, එම්.වයි.ආර්. ජයසිංහ, එස්.කේ.පී. ගාල්ලගේ, ඒ.එම්.එස්.ආර්.බී. අතපත්තු, එස්.යෝගනාදන්, ඒ.බී. තේවකුමාර්, පී.එස්.එම්. ගමගේ, එම්.එස්.යූ. පෙරේරා, ජී.එම්.එස්.ඩී. ගජනායක, එස්.එම්.සී.එස්. ප්‍රනාන්දු, පී.උදුමලගල

