Best News Website award
brand logo
logo
නොවැම්බර් 30 වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේත් සහාය

නොවැම්බර් 30 වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේත් සහාය

28 November 2026

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සිය සහයෝගය ලබා දෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය නිවේදනය කර තිබේ.


ඉන්ධන පිරවුම්හල් හිමියන් වර්තමානයේ මුහුණ දී සිටින සුවිශේෂී ගැටලු පහක් මුල් කර ගනිමින් මෙම තීරණය ගත් බව එම සංගමය සඳහන් කරයි. විශේෂයෙන්ම, ඉන්ධන බෙදා හැරීමේ ආයතන දෙකක් විසින් 2025 වර්ෂයේ සිට බෙදුම්කරුවන් වෙත ලබා දෙන වට්ටම් ප්‍රතිශතය අසාධාරණ ලෙස කප්පාදු කිරීම හේතුවෙන්, සිය ව්‍යාපාර පවත්වාගෙන යාම දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.


අනීතික ලෙස වැට් බදු අය කිරීම දරාගත නොහැකිවීම, පුද්ගලික සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රමාණවත් තරම් ඉන්ධන ලබානොදීම සහ ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ ගැටලු සඳහා රජය හා කළමණාකාරීත්වය මැදිහත් නොවීම සහ සංවේදී නොවීම යන ගැටලු ද ඊට ඇතුළත්ය.


එමෙන්ම ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් නිසි නියාමකවරයෙකු පත්කිරීම මෙතෙක් සිදු කර නොමැති අතර වහාම නියාමන කොමිෂන් සභාවක් යටතට ඉන්ධන බෙදාහැරීම පත් කිරීම යන ගැටලු හේතුවෙන් ඉන්ධන කර්මාන්තය සහ ඉන්ධන බෙදුම්කරුවන් දැඩි අසීරුතාවයට පත්ව සිටියි.


අවම වශයෙන් මෙම ගැටලු සාකච්ඡා කිරීමට අදාළ බලධාරින් සාකච්ඡාවක් හෝ ලබානොදීම හේතුවෙන් මෙම ගැටලු තවදුරටත් උත්සන්න වෙමින් පවතින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අවධාරණය කරයි.


මෙවැනි පසුබිමක් මත ලබන 03 වැනිදා දිවයින පුරා පැවැත්වෙන විරෝධතාවය සඳහා ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ සේවකයින්ගේ සහාය ලබාදිය යුතු බවට දිවයින පුරා සිටින ඉන්ධන බෙදුම්කරුවන්ගෙන් සහ සේවකයින්ගේ ඉල්ලීම් ලැබෙමින පවතී.


ඒ අනුව මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට හෙට (29) හමුවක් පැවැත්වීමට සැලැසුම් කර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

 

More News..