කොත්මලේ රෝහලට නව හදිසි ප්‍රතිකාර ඒකකයක්
05 November 2026
කොත්මලේ රෝහලට නව හදිසි ප්‍රතිකාර ඒකකයක්
05 November 2026
කොත්මලේ ප්‍රාදේශීය රෝහලට සියලු පහසුකම්වලින් සපිරි ඇඳන් අටකින් යුත් හදිසි ප්‍රතිකාර ඒකකයක් ලබාදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අද (05) සිදුකෙරිණ.
එහිදී අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස කියා සිටියේ,
“අද සෞඛ්‍ය පවතින්නේ ගොඩනැගිලි ඉදිකිරීම් මත පමණක් නොවේ. සෞඛ්‍යයට විශාල වශයෙන් තාක්ෂණය පැමිණ තිබෙනවා ඩිජිටල්කරණය වෙලා තියෙනවා. ඕන කෙනෙකුට පෝලිම්වල ඉන්නේ නැතුව ගෙදරට වාර්තා ගෙන්න ගන්න පුළුවන් වෙලා තියෙනවා. පෞද්ගලික ආයතනවල ඔබට ඒ අත්දැකීම් විඳගන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යංශයත් ඩිජිටල්කරනය කරමින් පවතිනවා, නමුත් හිතන තරම් වේගයෙන් එය සිද්ධ වෙන්නේ නෑ. තනි තනිව රෝහල්වල සිද්ධ වෙන ඒ පද්ධතිය රට පුරාම ක්‍රියාත්මක කිරීම තමා අපේ බලාපොරොත්තුව. ඒ වගේම සුභ පණිවිඩයක් විදියට මතක් කරන්න කැමතියි ඉදිරි වසර දෙකේ අයවැයෙන් ගිලන් රථ බලඇණිය සංවර්ධනය කරන්න ජනාධිපතිතුමා විශාල මුදලක් යොදන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපිට තියෙන ගිලන් රථ බලඇණිය අවුරුදු 20-30 පරණයි. ඒ වගේම සෞඛ්‍ය උපකරණ බොහොමයක් පැරණි අපට තියෙන ඒවා නවීකරණයට මුදල් ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අයවැයෙන්.” යනුවෙන් පැවසීය.

