රුපියල් ලක්ෂ 8කට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග අයෙක් අත්අඩංගුවට
21 February 2026
රුපියල් ලක්ෂ 8කට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග අයෙක් අත්අඩංගුවට
21 February 2026
රුපියල් ලක්ෂ 08කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 44,000ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන, දැනට විදේශගතව සිටින සුධාරක දේවප්‍රිය පීරිස් නමැති පුද්ගලයා මෙම සැකකරුගේ මස්සිනා බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
එම පුද්ගලයා සතු මත්ද්‍රව්‍ය මෙරට තුළ බෙදාහැරීම මෙම සැකකරු විසින් සිදුකර ඇති බවට වැඩිදුරටත් අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

