Best News Website award
brand logo
logo
නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අවදානමක්

නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අවදානමක්

12 November 2026


නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.


ඒ අනුව අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟේ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට මෙම ගංවතුර අවදානම පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


එබැවින් අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන් සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත්, අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් දැනුම් දී තිබේ.

 


 

More News..