brand logo
logo
චීන ජනපති ෂී ජින්පින්ට ධවල මන්දිරයෙන් උණුසුම් පිළිගැනීමක්

චීන ජනපති ෂී ජින්පින්ට ධවල මන්දිරයෙන් උණුසුම් පිළිගැනීමක්

25 September 2026

අමෙරිකාවේ සංචාරයක නිරත චීන ජනාධිපති ෂී ජින්පින් සහ පෙන් ලී යුවාන් ආර්යාව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් විසින් ධවල මන්දිරය වෙත පිළිගෙන තිබේ.


චීන ජනාධිපති ෂී ජින්පින් සිය තෙදින අමෙරිකානු රාජ්‍ය සංචාරය ඊයේ (24) ආරම්භ කළේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුවයි.


අමෙරිකාව සහ චීනය අතර තියුණු ආර්ථික ගැටුම් පවතින පසුබිමක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි.


මේරිලෑන්ඩ්හි ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුරේ පිහිටි ගුවන්තොටුපොළ වෙත පැමිණි චීන ජනාධිපතිවරයා සහ පෙන් ලී යුවාන් ආර්යාව පිළිගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් පෞද්ගලිකවම පැමිණ සිටියේය.


විදෙස් රාජ්‍ය නායකයෙකු පිළිගැනීම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයෙකු පෞද්ගලිකව එම ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත්තේ 1962 වසරෙන් පසුව පළමු වරට බව සඳහන්ය.


අඩි 100ක් දිග රතු පළස මතින්, ආචාර හරසර මධ්‍යයේ චීන ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ගුවන්තොටුපොළේදී පිළිගනු ලැබීය.


එම අවස්ථාවට අමෙරිකානු ගුවන් හමුදාවට අයත් B-1 බෝම්බ හෙළන ගුවන් යානා දෙකක් ද එක්ව තිබුණි.


චීන ජනාධිපති ෂී ජින්පින්ගේ මෙම තෙදින සංචාරය අතරතුර දෙරටටම වැදගත් භූ දේශපාලනික සහ ආර්ථික කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

 

More News..