brand logo
logo
ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම් වලදී හෙරොයින් අයිස් සහ කුෂ් මත් ද්‍රව්‍ය මත් පෙති අත්අඩංගුවට

ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම් වලදී හෙරොයින් අයිස් සහ කුෂ් මත් ද්‍රව්‍ය මත් පෙති අත්අඩංගුවට

04 October 2026 | කැලුම් ගුණතිලක-මොනරාගල


මැදගම,බිබිල,වැල්ලවාය පොලිස් ස්ථාන,පොලිස් විශේෂ කාර්ය බලකායේ බුත්තල කඳවුර සහ මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන අංශය ප්‍රදේශ කිහිපයක ඊයේ (03) වෙනිදා සිදුකළ වැටලීම් වලදී හෙරොයින්,අයිස් සහ කුෂ් මත් ද්‍රව්‍ය සහ මත් පෙති සොයා ගෙන ඇත.


බිබිල පොලීසියේ පො.සැ ජානක විසින් බිබිල නගරයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් මිලිග්‍රෑම් 2,310 සමඟ මහඔය අරන්තලාව පොකුරුගම පදිංචි 22 හැවිරිදි අයෙකුද,වැල්ලවාය පොලීසියේ පො.සැ සනත් විසින් යාලබෝවේ සිදුකළ වැටලීමකදී අයිස් මිලිග්‍රෑම් 260 සමග 30 හැවිරිදි යාලබෝව මුස්ලිම් ගම්මානයේ අයෙකුද,බුත්තල පොලීසියේ පො.සැ නලින්ද බුත්තල යුද හමුදා කඳවුර අසලදී අයිස් මිලිග්‍රෑම් 1,480 සොයාගෙන ඇති අතර සැකකරු පළාගොස් ඇත.


කොට්ඨාස දූෂණ මර්දන අංශයේ පො.ප මධුසංඛ වරුණගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 400 සහ මත්පෙති 19 සමඟ වැල්ලවාය වරුණගම වදිංචි 24 හැවිරිදි තරුණයකුද,පොලිස් විශේෂ කාර්ය බලකායේ බුත්තල කඳවුරේ උ.පො.ප ජයසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බුත්තල සිදුකළ වැටලීම් දෙකකදී හෙරොයින් මිලිග්‍රෑම් 1,375 සහ හෙරොයින් මිලිග්‍රෑම් 1,242 සමඟ බුත්තල 11 කණුව මුස්ලිම් ගම්මානයේ පදිංචි අයෙකු සහ බුත්තල යුදඟනාව පීල්ලවල පදිංචි 27 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරුවන් සහ නඩු භාණ්ඩ වැල්ලවායශ බිබිල මහේස්ත්‍රාත් අධිකරණ වලට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

More News..