අයිස් මත්ද්‍රව්‍ය සමග කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු අත්අඩංගුවට
02 September 2026 | ලක්ඛ්ත විද්‍යසේකර කළුතර
අයිස් මත්ද්‍රව්‍ය සමග කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු අත්අඩංගුවට
02 September 2026 | ලක්ඛ්ත විද්‍යසේකර කළුතර
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 42 ක් තම සන්තකයේ තබාගෙන සිටි බව කියන කළුතර බන්ධනාගාර රැඳවියෙකු පෙරේදා (01) බන්ධනාගාර නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මොහු දොඩන්ගොඩ ,පයාගලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවූ 39 හැවිරිදි අයෙකි.
බන්ධනාගාර නිලධාරියෙකු විසින් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි මෙම සැකකරු අත් අඩංගුවට ගත් බව බන්ධනාගාර අධිකාරිවරයා උතුරු කළුතර පොලිසියට දැනුම්දී තිබුණි.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිනී වීරසූරිය සහ කළුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.පී.උදයකුමාර යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත උතුරු කළුතර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තුෂාර ද සිල්වා සහ උප පොලිස් පරික්ෂක පුෂ්පරත්න යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වයි.

