brand logo
logo
අම්පාර මහාවාපි විහාරස්ථානයේ ධාතු තැන්පත් කිරීම 27 වනදා

අම්පාර මහාවාපි විහාරස්ථානයේ ධාතු තැන්පත් කිරීම 27 වනදා

24 August 2026 | වසන්ත චන්ද්‍රපාල - අම්පාර


අම්පාර මහාවාපි විහාරස්ථානයෙන් අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජ යාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරිමේ උත්සවය මෙම මස 27 වෙනි දින පෙ.ව. 8.00 සිට රාත්‍රි 10.00 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.


අරන්තලාවේදි අපවත්වු උතුරු නැගෙනහිර දෙපලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර හිමියන් විසින් 1988 වසරේදි මෙම විහාරස්ථානය ආරම්භ කරනු ලැබීය.


එම ස්ථානයේ විහාරස්ථානයක් ආරම්භ කිරීමට පෙර ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ සේවකයින් බුදුමැදුරක් සහ දේවාලයක් පවත්වාගෙන ගොස් තිබේ.


හෑගොඩ ශ්‍රි ඉන්ද්‍රසාර හිමියන් අපවත්විමෙන් පසුව උන් වහන්සේ ගේ ප්‍රධාන ශිෂ්‍යාවු වර්ථමාන උතුරු නැගෙනහිර දෙපලාතේ සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක කිරිදිවැල සෝමරතන හිමියන්ගේ නායකත්වයෙන් මෙම විහාරස්ථානය ගොඩ 

නගනු ලැබීය.


උන් වහන්සේගේ අනුශාසකත්වයෙන් දායක දායිකාවන්ගේ පරිත්‍යාගශීලින්ගෙන් ආරම්භ කරනු ලැබු චෛත්‍ය රාජායානන් වහන්සේගේ ධාතු නිධාන් උත්සවය උතුරු නැගෙනහිර දෙපලාතේ සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක  කිරිදිවැල සෝමරතන හිමියන්ගේප්‍රධානත්වයෙන් පැවැත්වේ.

 

More News..