brand logo
logo
ඉරාන - අමෙරිකා ගැටුම සමනය කිරීමට කලාපීය බලවතුන් ඉස්ලාමාබාද් නුවරට රැස්වෙයි

ඉරාන - අමෙරිකා ගැටුම සමනය කිරීමට කලාපීය බලවතුන් ඉස්ලාමාබාද් නුවරට රැස්වෙයි

29 March 2026

ඊජිප්තුව, තුර්කිය, සෞදි අරාබිය සහ පකිස්තානය නියෝජනය කරන විදේශ අමාත්‍යවරුන් අතර ඉහළ මට්ටමේ සාකච්ඡා ආරම්භ වී තිබේ.


අමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය සමනය කිරීම සහ අනෙකුත් කලාපීය ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම කලාපීය බලවතුන් අද (29) සහ හෙට (30) පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට රැස්වෙන බව සඳහන් වේ.


අමෙරිකාව සහ ඉරානය යන දෙපාර්ශවය සමඟම පවතින සුහද සබඳතා හේතුවෙන්, මෙම රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන්හි ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස පකිස්තානය පෙරමුණ ගනී.ෙ


එහිදී වොෂින්ටනය විසින් යෝජනා කරන ලද කරුණු 15කින් යුත් සාම සැලැස්ම ටෙහෙරානය වෙත ඉදිරිපත් කිරීමට ද පකිස්තානය කටයුතු කර කර ඇති තිබේ.


 

More News..