Best News Website award
brand logo
logo
සවි එසවීමේ ලෝක ශුරතාවලියේදී රන්සිළුගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

සවි එසවීමේ ලෝක ශුරතාවලියේදී රන්සිළුගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

23 November 2026

අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති සවි එසවීමේ ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ රන්සිළු ජයතිලක රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබේ.


ඔහු මෙම රන් පදක්කම හිමිකර ගෙන ඇත්තේ කිලෝග්‍රෑම් 140 බර කාණ්ඩය යටතේ තරග වදිමිනි.


එමෙන්ම අමෙරිකාවේ ලාස් වේගාස් නුවරදී පැවැත්වෙන මෙම තරගාවලියේදී රන්සිළු ඔහු සහභාගි වූ සියලු ඉසව්වල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක් වේ.


මෙම ජයග්‍රහණයත් සමඟ ජාත්‍යන්තර සවි එසවීමේ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සහ කීර්තියක් අත්කර දීමට රන්සිළු ජයතිලක සමත්ව ඇත.

 

More News..