22 ගැන අධිකරණයේ මතය කථානායක අද මැතිසබයට කියයි
22 September 2026
22 ගැන අධිකරණයේ මතය කථානායක අද මැතිසබයට කියයි
22 September 2026
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථනිරූපණය මේ වනවිට කථානායකවරයා වෙත ලැබී තිබෙන අතර ඊට අදාළ නිවේදනය කථානායකවරයා අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අද සිට ලබන 25 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වෙනු ඇත.
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
අනතුරුව එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් විවිධ පාර්ශ්ව ශ්‍රේෂ්ඨධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ අතර ඒ අනුව ගොනු කෙරුණු සමස්ත පෙත්සම් සංඛ්‍යාව 67කි.
එම පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කෙරුණි.
සැප්තැම්බර් 02 වනදා එම පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ අර්ථ නිරූපණය කථානායකවරයාට යොමු කරන බවය.
මේ අතර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය එළඹෙන 24 සහ 25 යන දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව පසුගියදා තීරණය කළේය.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළකරමින් සමගි ජන බලවේගය එළඹෙන 24 වැනිදා පොල්දූව මංසන්ධියේදී විරෝධතාවක්ද සංවිධාන කර තිබේ.

