කුවේටයේ හිරිහැරවලට ලක්වූ ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට
6 days ago
Share on
කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් විවිධ කරදර හිරිහැර වලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 47 දෙනෙකු අද (25) යළි දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් පිරිස අද (25) උදෑසන 6.40 ට ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
අනතුරුව ඔවුන් පදිංචි ප්‍රදේශ කරා පිටත් කර යැවීමට කටයුතු කර තිබේ.
මෙලෙස විවිධ හිරිහැර වලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 1,300 ක පමණ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේටයේ රැදී සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි.