පළමු ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට
19 August 2026
පළමු ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට
19 August 2026
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 165කින් ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද සමත් විය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සියලුදෙනා දැවී ලකුණු 284ක් රැස්කළේය.
ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දෙව්දත් පඩික්කල් ලකුණු 167ක් රැස් කළ අතර, කේ.එල්. රාහුල් ලකුණු 82ක් ලබා ගත්තේය. ධෘව් ජුරෙල් ලකුණු 51ක් රැස් කළේය.
අනතුරුව පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිලේ සියලුදෙනා දැවී ලකුණු 284ක් රැස්කළේය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සොනාල් ගමගේ විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 167කදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.
ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් ද ඇතුළත් වේ.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 80ක් රැස්කළේය.
දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිලට සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 193ක් පමණියි.
ලකුණු 372ක අභියෝගයට මුහුණ දීම සදහා ගාල්ල ජාත්‍යන්තර පිටියට පැමිණි ශ්‍රී ලංකා පිලට රැස්කර ගත හැකි වූයේ ලකුණු 206ක් පමණියි.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් සොනාල් ගමගේ ලකුණු 84ක් රැස්කර ගැනීමට සමත් විය.
නායක ධනංජය ද සිල්වා රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 59කි.

