දරු උපත් අඩුවීම නිසා පාසල්වලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව වසරකට 40,000කින් අඩු වෙයි
14 November 2026
දරු උපත් අඩුවීම නිසා පාසල්වලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව වසරකට 40,000කින් අඩු වෙයි
14 November 2026
පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා වාර්ෂිකව දරුවන් ඇතුළත් කිරීම 40,000කින් පමණ පහළ ගොස් ඇති බව සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශ කරයි.
වාර්ෂික දරු උපත් සංඛ්‍යාව අඩුවීම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් සෑම වසරකම ලක්ෂ තුනකට ආසන්න සිසුන් පිරිසක් පාසල් සඳහා බඳවා ගැනීම සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර, දිවයින පුරා නව ප්‍රාථමික පාසල් 309ක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය. ඉන් ප්‍රාථමික පාසල් 31ක් මෙම වසර තුළදී ආරම්භ කිරීමට නියමිත අතර, එම සියලු පාසල් එකම ගෘහ නිර්මාණ සැලැස්මකට අනුව ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
තවද, මෙම නව ප්‍රාථමික පාසල් සඳහා නවීන ලෝකයට ගැළපෙන පරිදි නූතන සනීපාරක්ෂක හා වැසිකිළි පද්ධති හඳුන්වා දෙන බවද වෛද්‍ය මධුර සෙනෙවිරත්න වැඩිදුරටත් කියා සිටියේය.
මීට අමතරව, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ද යම් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව වාර්තා වේ.


