ඇළ මාර්ගයක දිය නාමින් සිටි දරුවෙකු දියේ ගිලී මරුට
04 April 2026
ඇළ මාර්ගයක දිය නාමින් සිටි දරුවෙකු දියේ ගිලී මරුට
04 April 2026
කන්තලේ පොලිස් වසමේ පේරාතුවේලි ප්‍රදේශයේ ඇළ මාර්ගයක දිය නාමින් සිටි දරුවෙකු දියේ ගිලී මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ පේරාතුවේලි ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි රිස්ලාන් නමැති දරුවෙක් වන අතර ඔහු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති බවද වාර්තා වේ.
ඔහු තම මිතුරන් තිදෙනෙකු සමඟ අදාළ ස්ථානයේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවට අනාවරණය වී තිබේ.
අනතුරෙන් අනතුරුව ප්‍රදේශවාසීන් සහ තරුණයින් එක්ව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, ඔහු දිය නෑමට ගිය ස්ථානයෙන් මීටර් 300කට ආසන්න දුරින් ඔහුගේ මළ සිරුර ජලයේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

