දුම්රිය මාර්ගවලදී අලි ඇතුන් ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වා ගන්න නව තාක්ෂණික උපකරණයක්
24 November 2026
දුම්රිය මාර්ගවලදී අලි ඇතුන් ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වා ගන්න නව තාක්ෂණික උපකරණයක්
24 November 2026
දුම්රිය මාර්ගවලදී අලි ඇතුන් ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා නව තාක්ෂණික උපකරණයක් නිපදවා ඇති බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි
ජාතික විද්‍යා සතිය නිමිත්තෙන් ආතර් සී. ක්ලාක් ආයතනයේ පැවති සැමරුම් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පවතා තිබේ
එම උපකරණය ප්‍රායෝගිකව පරීක්ෂා කර එහි සාර්ථකත්වය තහවුරු කර ඇති බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී නව තාක්ෂණික නිර්මාණ රැසක් ප්‍රදර්ශනය කෙරුණු අතර, ඒවා නැරඹීමට අමාත්‍යවරයාද එක්වුණි
මෙහිදී නවීන තාක්ෂණික උපකරණ හඳුන්වාදීම, ප්‍රායෝගික පුහුණු සැසි පැවැත්වීම සහ තාක්ෂණික නිර්මාණ හුවමාරුවට අදාළ වැඩසටහන් ද ක්‍රියාත්මක වුණි.


