පුත්තලම දිස්ත්‍රිකයේ දිට්වාවෙන් හානියට පත් නිවාස අතරින් ඉදි කරන ලද ප්‍රථම නිවාසය බාරදීම
30 September 2026 | මිහිසර රශ්වින්ද- මාරවිල
පුත්තලම දිස්ත්‍රිකයේ දිට්වාවෙන් හානියට පත් නිවාස අතරින් ඉදි කරන ලද ප්‍රථම නිවාසය බාරදීම
30 September 2026 | මිහිසර රශ්වින්ද- මාරවිල
දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පූර්ණ වශයෙන් විනාශ වූ නිවාස 3088 ක් පවතින බවත් ඒවා යළි ඉදිකිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට කඩිනමින් ක්‍රියාත්මක වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කරයි.
පුත්තලම දිස්ත්‍රිකයේ පූර්ණ හානියට පත් නිවාස අතරින් ඉදි කරන ලද ප්‍රථම නිවාසය ඊයේ (29) වෙනි දින බාරදීමේ අවස්ථාවට සහභාගීවෙමින් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.
ආපදාවෙන් විනාශ වූ නිවසක් වෙනුවට නව නිවසක් හිමිවීම, එම පවුලේ ආරක්ෂාව සහ අභිමානය යළි ගොඩනැගීමට මෙන්ම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නව බලාපොරොත්තුවක් ඇති කිරීමටද හේතුවක් වී තිබෙන බව සදහන් කළ අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.
දිට්වා අපදාවේ බලපෑම් සමගම 2025 වර්ෂයේ රජය විසින් රුපියල් කෝටි දහදාහකට වැඩි ප්‍රමාණයක් හදිසි ආපදා සහන සැලසීමට වෙන් කළා.
පීඩාවට පත් ජනතාවට ඒය විශාල සහනයක් වුනා.
ඒමෙන්ම පූර්ණ හා අර්ධ නිවාස හානි වූ ජනතාවට සහන සැලසීම, හානි වූ කර්මාන්ත හා වගාවන් සඳහා වන්දි ලබාදීම සහ ජනතාවගේ ජීවනෝපායන් යළි නඟාසිටුවීම ඇතුළු කටයුතු සඳහා 2026 වර්ෂයේ රුපියල් කෝටි පනස්දාහක් වෙන් කිරීමට රජය කටයුතු කෙරුවා.
රජය විසින් ලබා දුන් රුපියල් ලක්‍ෂ පණහක මුදලට තමන් ද මුදලින් දායකත්වයක් ලබා දී හා පරිත්‍යාගශීලීන්ගෙන් නිවස ඉදිකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙන්ම ප්‍රදේශවාසීන් විසින් ශ්‍රම දායකත්වයෙන් මෙම අංග සම්පූර්ණ නිවස ඉදිකිරීමට කටයුතු කර ඇත.

