brand logo
logo
ඔස්ට්‍රේලියාවේ හදිසි ආපදා තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ හදිසි ආපදා තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්

16 January 2026


ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශයට හදිසි ආපදා තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.


විශේෂයෙන් එරට වික්ටෝරියා ප්‍රාන්තයට ගංවතුර හා ලැව් ගිනි හේතුවෙන් ඇති විය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


ඒ අනුව අධික වර්ෂාපතනයත් සමඟ ඇති විය හැකි හදිසි ගංවතුර තත්ත්වයන්ගෙන් හා දරුණු ලැව් ගිනි තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා සූදානමින් පසුවන ලෙස බලධාරීන් එරට ජනතාවට දැනුම් දී ඇත.


අද පෙරවරුවෙන් අවසන් වූ පැය 24 තුළ මෙල්බන් ඇතුළු ප්‍රදේශවලට මිලිමීටර් 186ක පමණ වර්ෂාපතනයක් ඇඳ හැලී තිබු බව වාර්තා වේ.


ඔස්ට්‍රේලියානු බලධාරීන් සදහන් කරන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට ලැව් ගිනි 10ක් පමණ සක්‍රීය තත්ත්වයේ පවතින බවට හදුනාගෙන ඇති අතර මේ වන විට නිවාස 289ක් ගොඩනැගිලි සිය ගණනක් ගින්නෙන් විනාශ වී ඇති බවය. 

 

More News..