brand logo
logo
ලක්ෂ 13කට අධික කේබල් සොරකම්කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ලක්ෂ 13කට අධික කේබල් සොරකම්කළ දෙදෙනෙකු අත්අඩංගුවට

15 September 2026


ජල සම්පාදන මණ්ඩලයට අයත් මීසාලේ ජල පිරිපහදු ආයතනයේ තිබූ රුපියල් ලක්ෂ 13කට අධික වටිනාකමකින් යුත් කේබල් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරිය පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.


එක් සැකකරුවෙකු පුද්ගලික අංශයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස එම ආයතනයේම සේවය කල පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා එම සොරකම් කළ භාණ්ඩ ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරුවන් 23 හැවිරිදි සහ 43 හැවිරිදි නීර්වේලි හා කොටගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වෙයි.


සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

More News..