අනිවාර්ය කර තිබියදීත් කණ්ණාඩි නොදා රිය පැදෙව්වොත් කෙළින්ම උසාවියට
19 May 2026 | රෂිනි ද සිල්වා
අනිවාර්ය කර තිබියදීත් කණ්ණාඩි නොදා රිය පැදෙව්වොත් කෙළින්ම උසාවියට
19 May 2026 | රෂිනි ද සිල්වා
රියැදුරු බලපත්‍රයේ ඇස් කණ්ණාඩි පැලඳීම අනිවාර්ය කර තිබියදී ඇස් කණ්ණාඩි නොපැලඳ රිය පදවන පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා බව පොලිස් රථවාහන මූලස්ථානය පවසයි. ඒ අනුව ඇස් කණ්ණාඩි නොදමා රිය ධාවනය කරන්නන්ට මුලදී දඩකොළ නිකුත් කළද මේ වනවිට එවැනි රියැදුරන් ඍජුවම අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පැවසීය.
වර්තමානයේ රිය අනතුරු ඉහළ යාම හා ඊට හේතු වශයෙන් රියැදුරන්ගේ පෙනීමේ දුර්වලතා නිරීක්ෂණය වී තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.
රියැදුරු බලපත්‍ර ලබාදීමේදී පූර්ණ වශයෙන් පෙනීම පරීක්ෂා කරන අතර පෙනීම දුර්වල පුද්ගලයන්ට ඇස් කණ්ණාඩි පැලඳීම අනිවාර්ය කරමින් ප්‍රවාහන වෛද්‍ය සහතික නිකුත් කරනු ලබයි. ඒ අනුව එවැනි රියැදුරන්ගේ රියැදුරු බලපත්‍රවල ඇස් කණ්ණාඩියක රුවක් සටහන් කරනු ලබයි.

