නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු ඇයගේ අවසන් කැමැත්තට සිදු කිරීමට නියමිතයි
20 August 2026 | නිරෝෂන් කොළඹ
නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු ඇයගේ අවසන් කැමැත්තට සිදු කිරීමට නියමිතයි
20 August 2026 | නිරෝෂන් කොළඹ
නන්දා මාලනීගේ දේහයේ අවසන් කටයුතු පිළිබඳ අදහස් දක්වමින්. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා කියා සිටියේ එතුමියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා (22) සවස පහට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බවයි
අවමංගල්‍ය සභා පවත්වන්නේ නැතිි බවත් නන්දා මාලිනී මහත්මියගේ අවසන් කැමැත්ත පරිදි ඉතාමත් චාම් ආකාරයට ආදාහන කටයුතු සිදු කරන බවත් සුනිල් ආරියරත්න මහතා මාධ්‍ය වෙත පැවසුවේය
දේහය හෙට පෙරවරු දහයේ සිට සිය නිවසේ තැන්පත් කර සෙනසුරාදා සවස පහට බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බව එතුමන් දන්වා සිටියේය.

