හූති කැරලිකරුවන්ගෙන් රියාද් අගනුවරට මිසයිල ප්‍රහාර මාලාවක්
19 November 2026
හූති කැරලිකරුවන්ගෙන් රියාද් අගනුවරට මිසයිල ප්‍රහාර මාලාවක්
19 November 2026
සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි ජාත්‍යන්තර ගුවන්තොපොළට සහ මූල්‍ය මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් කෲස් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළ බව යේමනයේ හූති කැරලිකරුවන් ප්‍රකාශ කර තිබේ.
සෞදි අරාබිය යේමනයේ සිවිල් ස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල කළ බව කියන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම මෙහෙයුම සිදුකළ බව හූති හමුදා ප්‍රකාශක යහ්යා සරීයා සඳහන් කර ඇත.
මේ අතර, යේමනයේ මධ්‍යම ඉබ් පළාතට එල්ල වූ සෞදි ගුවන් ප්‍රහාරවලින් කුඩා දරුවකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් පස්දෙනකු තුවාල ලබා ඇති බව හූති පාලනය යටතේ පවතින අල් මසීරා රූපවාහිනිය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත්, හූති ප්‍රහාර පිළිබඳ වාර්තා මෙතෙක් තහවුරු වී නොමැති අතර, රියාද් සහ සෞදි අරාබියේ දකුණු ප්‍රදේශ වෙත එල්ල වූ හූති ඩ්‍රෝන යානා දෙකක් සාර්ථකව විනාශ කළ බව සෞදිය ප්‍රකාශ කර ඇත.
මෙම සිදුවීම් යේමනයේ හූති කැරලිකරුවන් සහ සෞදි සහාය ලබන යේමන රජයේ හමුදා අතර ගැටුම් තවදුරටත් උත්සන්න වන පසුබිමක වාර්තා වේ.


