ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් - මංගල ගුවන් යානය එයි
19 August 2026
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් - මංගල ගුවන් යානය එයි
19 August 2026
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් පහසුකම් සලසන අඩු වියදම් ( Budjet Air Line ) ගුවන් සේවයක් වන , වියට් ජෙට් ගුවන් සේවය (Vietjet Air Line), සිය ගුවන් සේවා ආරම්භ කරමින් එහි මංගල ගුවන් යානය මෙරටට පැමිණ තිබේ.
මෙහි අනෙක් විශේෂත්වය වන්නේ, ගුවන් නියමුවා සහ සහායක නියමුවා ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු වීමයි.
එලෙස පැමිණ ඇත්තේ, පානදුර ප්‍රදේශයේ පදිංචි තිවංක සිල්වා සහ මොරටුව ප්‍රදේශයේ පදිංචි රන්දීර් පෙරේරාය.
මෙම වියට් ජෙට් ගුවන් සේවයේ වී.ජේ.- 1875 දරන පළමු මංගල ගුවන් යානය ඊයේ (18) රාත්‍රී 09.33ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගුවන් මගීන් 169 දෙනෙකු රැගෙන පැමිණ තිබූ අතර එම ගුවන් යානය ගුවන් මගීන් 171 දෙනෙකු රැගෙන යළිත් කටුනායක ගුවන් තොටුපොළෙන් වියට්නාමයේ හෝචිමිං ගුවන් තොටුපොළ බලා පිටත්ව ගියේය.
මෙම ගුවන් සේවය අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා වශයෙන් සතියකට දින 03ක් වියට්නාමයේ හෝචිමිං නුවර ගුවන් තොටුපොළ සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර ධාවනය වීමට නියමිතය.
මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ජල ආචාර ( Water Salute ) කර පිළිගත් අතර එම අවස්ථාවට වරාය,සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ වැඩබලන සභාපති ඩබ්ලිව්.එස්.මංගල, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ත්‍රින් ති ටාම් ( Trinh Thi Tam ) යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සහභාගී වී සිටියහ.

