brand logo
logo
වැඩිහිටි කතුන් වැඩි හරියක් තනියෙන්

වැඩිහිටි කතුන් වැඩි හරියක් තනියෙන්

25 July 2026 | වරුණි පෙරමුණ

මෙරට තනිව ජීවත්වන පුද්ගලයන් තුන්ලක්ෂ හැත්තෑදහස් දෙසිය විසිනවදෙනකුගෙන් (370,229) බහුතර පිරිසක් වන දෙලක්ෂ හැටහතරදහස් එකසිය විසිහත් දෙනකු (264,127) වැඩිහිටි කාන්තාවන් බව ජන හා නිවාස සංගණන සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ.


මෙරට කාන්තාවන්, පිරිමින්ට වඩා වැඩි ආයු කාලයක් ජීවත්වීමේ ප්‍රවණතාවක් ඇති බවද මෙම සමීක්ෂණයේදි හඳුනාගෙන ඇත.


සාම්ප්‍රදායානුකුලව සිදුවන විවාහවලදී බිරිඳ සැමියාට වඩා වයසින් අඩුවීම හේතුවෙන් බොහෝ අවස්ථාවලදී කාන්තාවන්ට සැමියාගේ අභාවයෙන් පසු තනිව ජීවත්වීමට සිදුවීමද මෙම තත්ත්වයට හේතු වී තිබේ.

වැඩිහිටි කාන්තාවන්ගෙන් සැලකිය යුතු පිරිසක් තම ජීවිතයේ අවසාන අවදිය තනිව හෝ සීමිත පවුල් සහායක් සහිත පරිසරයක ගත කරන අතර ඔවුන් සඳහා ඉලක්කගත මූල්‍ය ආරක්ෂණ සහ නිවාස ආරක්ෂණ වැඩසටහන අවශ්‍ය වී ඇත.


ජාතික පුමිතිරි අනුපාතයට අනුව පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි බව පෙන්නුම් කළද වයස්ගත විවාහක ව්‍යුහයන් තුළ මෙය විශාල අසමතුලිතතාවක් බවට පත්ව තිබේ.


ඒ අනුව වැඩිහිටි කාන්තාවන්ගෙන් සැලකිය යුතු කොටසක් තම ජීවිතයේ පසු අවදිය සැමියාගේ සහාය නොමැතිව ගතකරන බව පැහැදිලි වෙයි. මෙම තත්ත්වය මත එම කාන්තාවන්ට ස්වාධීන ජීවනෝපායක්, මූල්‍ය සුරක්ෂිතතාව සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සඳහා ඉලක්කගත ජාතික ප්‍රතිපත්ති හා වැඩසටහන් සංවර්ධනය කිරීම සම්බන්ධව ප්‍රමුඛතාව ලබාදියුතු බවද ජන හා නිවාස සංගණන සමීක්ෂණයේදි හඳුනාගෙන ඇත.

 

More News..