ළමා ආරක්ෂාව තහවුරුකිරීම සඳහා ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක්
10 November 2026
ළමා ආරක්ෂාව තහවුරුකිරීම සඳහා ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක්
10 November 2026
ළමයා සම්බන්ධ වාර්තාකරණයේ දී ළමා ආරක්ෂාව තහවුරුකිරීම සඳහා ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් හඳුන්වාදීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබේ.
ළමුන්ට සිදුවන විවිධ අපයෝජන අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.
අදාළ මාර්ගෝපදේශ සංග්‍රහය පිළිබඳව දැනුවත්කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අතර එහිදී අදහස් දැක්වු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්යක්ෂ නීතීවේදී සමාජ විද්‍යාඥ ශානිකා මලල්ගොඩ මහත්මිය සඳහන් කළේ වාර්ෂිකව ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි දස දහසකට වැඩි සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බවයි.
"මෙසේ මාර්ගෝපදේශයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට හේතුවන කාරණා ගණනාවක් තියෙනවා. එකක් තමයි ඔබ දන්නවා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට, ළමා අපයෝජනයන් පිළිබඳ පැමිණිලි වාර්තාවී, වර්ෂයකට 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙනවා. මේකෙදි අපි දකිනවා, විශේෂයෙන්ම, අද වෙනකොට ලිංගික අපයෝජනයට පත්වීම්, එහෙමත් නැත්නම් ළමයින් කෲරත්වයට පත්කිරීම කියන කාරණා පමණක්ම නෙවෙයි, සමහර අවස්ථාවල සමාජයේ අලුත් කාරණා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඔබ දන්නවා සයිබර් අවකාශය තුළ ළමයින් අනාරක්ෂිත භාවයට පත්වීම්, ඒ වගේම යොවුන් ගැබ් ගැනීම, ඒ වගේම විවිධ මත්ද්‍රව්‍ය පරිහරණය තුළ ළමයින් අනාරක්ෂිත භාවයට පත්වීම්, එපමණක් නෙමෙයි, සමහර අවස්ථාවල පුද්ගලයන් විදිහට විවිධාකාර නොදැනුවත්වීම් තුළ අපි අතින් වැරදි සිද්ධ වෙනවා. හැබැයි මේක අවසානයේ බලපාලා තියෙන්නේ ළමයින්ගේ ආරක්ෂාවට. ඒ හින්දා විශේෂයෙන්ම මේ මාර්ගෝපදේශය තුළින් සමස්ත පුරවැසි වගකීම තහවුරු කිරීම තමයි අත්‍යවශ්‍ය වන්නේ."
එම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරික දමුණුපොළ මහතා සදහන් කළේ අන්තර්ජාලය ඔස්සේ ළමුන්ට සිදුවන අපයෝජන සම්බන්ධයෙන් වන පැමිණිලිවල සීඝ්‍ර වර්ධනයක් වාර්තා වන බවයි.
"ළමුන් සම්බන්ධ ඉතා සංවේදී අන්තර්ජාලයේ ඩිජිටල් මාධ්‍යයේ සිදුවීම් 53ක් වාර්තා වුණා 2025 වර්ෂය වන විට. ඒ අගය මේ වර්ෂයේ මේ නොවැම්බර් මාසය වන විට 180 දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. මෙය ඉතා අති අවධානම් සිදුවීම් අන්තර්ජාලය සහ ඩිජිටල් මාධ්‍යයේ ළමුන් සම්බන්ධ සිදුවීම්. එතකොට මේ සිදුවීම් දිහා බලපුවාම ඍජු බලපෑමක් තිබෙනවා මේ සිදුවීම්, ඇත්තම කිව්වොත් සමාජ මාධ්‍යයේ වාර්තා කිරීමත් එක්ක මේ දරුවන් මේ අපරාධයට පත්වීම. අපි දකිනවා මෑතකදී මේ සිදුවීම්වල යම්කිසි වර්ධනයක් දකින්න ලැබෙනවා සමාජ මාධ්‍යවල විශේෂයෙන්ම ආදායම් ඉපයීම් සම්බන්ධ ෆීචර්ස් එහෙමත් නැත්නම් සැකසුම් ක්‍රියාත්මකවීමක් දක්න ලැබීමත් එක්ක. ඉතින් මෙහිදී ළමුන් සම්බන්ධ අන්තර්ගතයන් වැඩි වශයෙන් යොදාගන්න ආකාරයක් දක්න ලැබෙනවා. සමහරවිට දෙමව්පියන් විසින් වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණය හින්දා නොදැනුවත්ව ළමයෙක්ට වෙන්න පුළුවන් බලපෑම ඉතාමත් වැඩියි."

