brand logo
logo
CHOGM සැසියට ගිය අගමැතිනිය යළිත් දිවයිනට

CHOGM සැසියට ගිය අගමැතිනිය යළිත් දිවයිනට

07 November 2026

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 28 වැනි සැසිවාරයට සහභාගීවීම සඳහා ඇන්ටිගුවා සහ බාබියුඩා රාජ්‍යයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (07) යළිත් දිවයිනට පැමිණ තිබේ.


මෙම සංචාරයේදී ඇය පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල නායකයින් සමඟ ගෝලීය ආර්ථික හා සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවලට එක්වූවාය.


පොදු අභියෝගවලට මුහුණදීම සඳහා සාමාජික රටවල් අතර සහයෝගීතාව සහ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම කෙරෙහි එහිදී අවධානය යොමු කෙරිණි.


අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් කිහිපයක නායකයන් සහ නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික හමුවීම්වලට ද එක් වූවාය.

 

More News..