brand logo
logo
ශ්‍රී ලංකාව සහ කේරළය අතර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කරගැනීමට අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ කේරළය අතර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කරගැනීමට අවබෝධතා ගිවිසුමක්

15 October 2026


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික හා ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඉන්දියාවේ කොචින් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (Cochin Chamber of Commerce & Industry) නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී තිබේ.


ශ්‍රී ලංකාව තුළ පවතින වෙළෙඳ සහ ආයෝජන අවස්ථා මෙන්ම, පුළුල් ප්‍රාදේශීය ප්‍රවේශයන් හරහා ව්‍යාපාරික සබඳතා ගැඹුරු කරගැනීමේ මාර්ග පිළිබඳව මෙම හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.


මෙම සංචාරයට සමගාමීව, ශ්‍රී ලංකාව සහ කේරළය අතර ආයතනික සහයෝගීතාව සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් කොචින් වාණිජ මණ්ඩලය සහ ලංකා වාණිජ මණ්ඩලය (The Ceylon Chamber of Commerce) අතර අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තබා තිබේ.


දෙරට අතර ආර්ථික සහයෝගීතා මාවත් පුළුල් කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස මෙම ගිවිසුම සැලකේ.

 

More News..