සෙන්පති නිවසට නෑයන් යනවා නම් මන්ත්‍රිත් සිටිය යුතුයි
14 July 2026
සෙන්පති නිවසට නෑයන් යනවා නම් මන්ත්‍රිත් සිටිය යුතුයි
14 July 2026
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙනුවෙන් නුවරඑළියේ ඇති ‘සෙන්පති නිවස’ නිවාඩු නිකේතනයට මන්ත්‍රිවරුන්ගේ හිතවතුන් හෝ ඥාතීන් යන්නේ නම් එම අවස්ථාවේ අදාළ මන්ත්‍රිවරයා ද සිටීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් අනිවාර්ය කරනු ලැබ ඇත.
මින් පෙර ද එම අවශ්‍යතාව පැවති නමුත් බොහෝ විට මන්ත්‍රිවරුන් සිය හිතවතුන්ට හෝ ඥාතීන්ට කාමර වෙන් කර ගත්තේ දුරකථනය මගින් කළමනාකරු දැනුවත් කිරීමෙනි. එහෙත් වත්මන් කථානායකවරයාගේ උපදෙස් අනුව අදාළ මන්ත්‍රිවරයා එම අවස්ථාවේ ම තමන්ගේ නියෝජිතයන් වෙනුවෙන් අත්සන් කළ යුතු යැයි ද පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසීය.
පෙර ආණ්ඩු යටතේ එහි කාමර වෙන් කර ගැනීමේ දී තදබදයක් පැවති නමුත් වත්මන් ආණ්ඩුව යටතේ එහි කාමර වෙන් කර ගැනීම අඩු මට්ටමක පවතින බව ද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා අනුරාධපුරයේ පවතින නිවාඩු නිකේතනයේ කාමර ඇතැම් අවස්ථාවල මන්ත්‍රිවරුන් වෙන් කර ගන්නා නමුත් නව රජය බලයට පත් වීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රිවරයෙක් එහි කාමර වෙන්කර ගෙන නොමැත.
මෙම නිවාඩු නිකේතනයේ කාමරයක් රුපියල් දෙදහසකට ලබාගැනීමට මන්ත්‍රිවරුන්ට හැකියාව පවතී. එහි කාමර සංඛ්‍යාව 19කි.

