brand logo
logo
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් බදුරලියෙන් සොයා ගැනේ

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් බදුරලියෙන් සොයා ගැනේ

29 May 2026

බදුරලිය තුඹගල්ල කන්ද ප්‍රදේශයේ මාර්ගය අයිනේ දමාගොස් තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.


පොලීසිය පැවසුවේ, ලද තොරතුරක් මත කළ පරීක්ෂාවකදී එම මත්ද්‍රව්‍ය තොගය හමුවූ බවයි.


එහි තිබී සොයා ගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 03 ග්‍රෑම් 362 ක්.


මත්ද්‍රව්‍ය තොගයේ හිමිකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.

 

More News..