Best News Website award
brand logo
logo
අදත් කොළඹට මහ වැස්සක් - ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

අදත් කොළඹට මහ වැස්සක් - ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

11 November 2026


අද (11) පස්වරුවේ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් කොළඹ තදාසන්න ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.


පොලිසිය සඳහන් කළේ, සංඝරාජ මාවත, ඛෙත්තාරාම හන්දිය, ආමර් වීදිය, බත්තරමුල්ල ප්‍රදේශවලට ඇදහැළුණු තද වැසි හේතුවෙන් ඒ අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බවය.


ඒ හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයකම දැඩි රථවාහන තදබදයක් වාර්තා වී ඇති බවද සඳහන් කළේය.

 

More News..