අංගොඩ රෝගීන් පැය 3ක් බඩගින්නේ
21 August 2026 | •වරුණි පෙරමුණ
අංගොඩ රෝගීන් පැය 3ක් බඩගින්නේ
21 August 2026 | •වරුණි පෙරමුණ
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් හයසියයකට වැඩි සංඛ්‍යාවකට ඊයේ (20 වැනිදා) දහවල් ආහාර වේල පැය තුනක ප්‍රමාදයකින් ලබාදීම නිසා කුසගින්නේ සිටීමට සිදුවී ඇත. රෝහල් භෝජනාගාරයේ සේවකයන් දහසය දෙනකු පමණ සේවා මුරයට සිය රාජකාරි කළද ඊයේ (20 වැනිදා) සේවයට පැමිණ ඇත්තේ භෝජනාගාර කාර්ය මණ්ඩලයේ සිව්දෙනකු පමණක්ය.
මෙම සේවකයන්ගේ අඩුවීම හේතුවෙන් වෙනත් අංශවල සේවය කරන රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයද මෙදින රෝහල් භෝජනාගාරයෙහි සේවයට පැමිණ ඇත.
කෙසේ වුවද මෙදිනම ඊයේ (20 වැනිදා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන්ද රෝහලේ වැටලීම් කිරීමට රෝහලට පැමිණ තිබේ.
එම නිලධාරින් වෙතද කරුණූ වාර්තා කිරීමට මෙම භෝජනාගාර කාර්ය මණ්ඩලයට සිදුවීම මත ආහාර සැකසීම ප්‍රමාද වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්න්ධයෙන් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහප්පෙරුමගෙන් කළ විමසීමකදි ඔහු සඳහන් කළේ රෝහලේ භෝජනාගාර කාර්ය මණ්ඩලයේ සේවකයන් අඩුවීමේ තත්ත්වය මත ආහාර ලබා දීම පැය කිහිපයක් ප්‍රමාද වූ බවත් පසුව කඩිනමින් ආහාර සකසා පස්වරු දෙකයි තිහ (2.30 ) පමණ වන විට ආහාර ලබාදීමට කටයුතු කළ බවත්ය.

