කොළඹ දිසා අධිකරණයේ නඩු ගොනු වැස්සට තෙමෙයි
17 September 2026 | ඉෂාර රත්නකාර
කොළඹ දිසා අධිකරණයේ නඩු ගොනු වැස්සට තෙමෙයි
17 September 2026 | ඉෂාර රත්නකාර
කොළඹ නගරයට පෙරේදා (15 වැනිදා) ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ දිසා අධිකරණයේ නඩු ගොනු රැසක් තෙමී ඇතැයි එම අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි. ඉපැරැණි අධිකරණ ගොඩනැගිල්ලක් වන කොළඹ දිසා අධිකරණ ගොඩනැගිල්ලේ කොටසක් ඉකුත්දා කඩා වැටුණු අතර, අනතුරුව නඩු ගොනු කන්ටේනර් බහාලුම්වල දමා තිබියදී එලෙස වර්ෂාවට හසුව ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
එලෙස තෙතබරිත වූ නඩු ගොනු අව්වේ දමා වියළා ගැනීමට කටයුතු කළ බව කොළඹ දිසා අධිකරණ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

